දරන්න බැරි දුක්ගින්දර තනියම විදලා
අපි හිනැහෙන දිහා බලන් ඔබ හිනාවුනා
හැමදාමත් මගෙ ලෝකයෙ
ඔබට විතරමයි මුල් තැන
වෙනස් නොවන සෙනෙහස දුන් මගේ තාත්තා //
හරි වැරැද්ද තෝරා දී මා ලගින් රැදී
සෙවනැල්ලක් වී අදටත් මගේ ලග හිදී
මා ලොකු මිනිසෙකු වූවත්
ඔබේ පොඩි පුතුයි තාමත්
ආදරයේ උල්පත වූ මගේ තාත්තා //
ඔබෙ දෝතට මා අරගෙන හුරතල් කරලා
සිපගත් හැටි ආදරයෙන් මගේ පුතූ කියා
නොපෙනෙන දෙවියන් වැන්දත්
පෙනෙනා දෙවියන් නුබ මට
ආදරයේ උල්පත වූ මගේ තාත්තා
දරන්න බැරි දුක් ගින්දර
ගායනය : මහේෂ් කවීශ්වර
පදරචනය : ඉෂාර මදුසංක
සංගීතය : නිමේෂ් ජයමාන්න